General15 August 2026

"ශිරාන් බාසික්"ට පැය 72ක රැඳවුම් නියෝග

ඩුබායි සිට මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් ශිරාන් බාසික් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා.

ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

ශිරාන් බාසික් නමැත්තා ඊයේ (14) රාත්‍රියේ අබුඩාබි නුවර සිට මෙරටට රැගෙන එනු ලැබූ අතර, වැඩිදුර විමර්ශන සදහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාර දී තිබුණා.

48 හැවිරිදි සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
Related recommendation
Hiru TV News | Programmes