General15 August 2026

ඉතිරි වීඩියෝත් ළඟදීම දෙනවා : ජනාධිපති මාධ්‍ය අංශයෙන් නීතීඥ සංගමයට පොරොන්දුවක්

පසුගිය අගෝස්තු 12 වන දින ජනපතිවරයා සමග පවත්වන ලද රැස්වීමේ සම්පූර්ණ වීඩියෝ පටිගත කිරීම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති කාර්යාලය නිල ලිපියක් යොමු කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරාගේ අත්සනින් යුතුව යොමු කර ඇති මෙම ලිපිය මගින් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් කරන ලද නිල ප්‍රකාශවල සංස්කරණය නොකළ (unedited) වීඩියෝ පටිගත කිරීම් අගෝස්තු 12 වන දිනම එම සංගමය වෙත ලබා දී ඇති බවයි.

එමෙන්ම, රැස්වීමට සහභාගී වූ අනෙකුත් පාර්ශ්වයන්ගේ අදහස් දැක්වීම් සහ අදහස් දැක්වීම් ඇතුළත් පටිගත කිරීම්, අදාළ නිල ක්‍රියාපටිපාටීන්ට යටත්ව ඉදිරියේදී හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.

තවද, අදාළ වීඩියෝ දර්ශන විධිමත්ව හා නිසි පරිදි ලබා දීමට ජනාධිපති කාර්යාලයේ සම්පූර්ණ සහයෝගය නිරන්තරයෙන් හිමිවන බවද එම ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes