General16 August 2026

අයගමදී ප්‍රපාතයකට වැටී මිය ගිය පුද්ගලයාගේ සිරුර ගොඩ ගනී

අයගම - ඉන්දොලවත්ත ආරණ්‍ය සේනාසනයක පිහිටි ගල් තලාවක සිට අඩි තුන්සියයක පමණ ප්‍රපාතයකට වැටී මිය ගොස් සිටි පුද්ගලයාගේ මළ සිරුර අද (16) පස්වරුවේ ගොඩ ගත් බව පොලිසිය පැවසුවා.

මෙලෙස මියගොස් ඇත්තේ, අයගම දුම්බර මානාන ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක්.

පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයා පසුගිය 9 වනදා ඥාති නිවසකට යන බව පවසා නිවසින් පිටත්ව ගොස් ඇති අතර, 10 වැනිදා සිට අතුරුදන්ව ඇති බවයි.

ඒ අනුව පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ සොයා බැලීමකදීයි ආරණ්‍ය සේනාසනයට පිවිසෙන ස්ථානයේ තිබි ඔහුගේ පාවහන් යුගල හා කුඩය හමුව ඇත්තේ.

අනතුරුව පසුගිය 13 වනදා පොලීසිය ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් සිදු කරන ලද මෙහෙයුමකදී ඔහුගේ මළ සිරුර අඩි තුන්සියක පමණ ප්‍රපාතයක තිබී සොයාගෙන තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes