General16 August 2026

රුමේෂ්ගේ අංක 01 අවදානමක

හෙල්ල විසිකිරිමේ ශුර රුමේෂ් තරංගගේ ආසන්න ප්‍රතිවාදීයා වන දැනට ලෝක ශ්‍රේනිගත කිරීම්වල අංක 02 රැඳී සිටින ජර්මනියේ ජූලියන් විබර් ඊයේ (15) පැවති යුරෝපා කලාපයේ මලල ක්‍රිඩා තරගාවලියේදී මීටර් 90.40 වාර්තාගත විසිකිරීමක් සිදුකිරිමට සමත්ව තිබෙනවා.

ඒ අනුව මේ සතියේ යාවත්කාලීන වන ලෝක ශ්‍රේනිගත කිරිම්වල යළි රුමේෂ් තරංග අභිබවා ලොව අංක 01 වීමට ජර්මනියේ ජූලියන් විබර්ට අවස්ථාව පවතිනවා.

කෙසේ වෙතත් ලබන 21 වැනිදා ස්විස්ටර්ලන්තයේ ලුසෑන් හී පැවැත්වෙන මීළඟ ඩයමන් ලීග් තරගාවලියේද රුමේෂ් තරංග සහ ජූලියන් විබර් පළමු වරට එක්ව තරග වදින අතර එහිදි විබර් අභිබවා ගිය හොත් රුමේෂ් තරංගට යළි ලොව අංක 1ට පත්වීමට අවස්ථාව පවතිනවා.
Related recommendation
Hiru TV News | Programmes