General18 August 2026

අයිස් කැටවලට පාලන මිලක් නැතැයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳුන්ගෙන් මැසිවිලි

අයිස් කැට සඳහා පාලන මිලක් නොමැති වීමෙන් වෙළෙඳාම කඩා වැටීමේ අවදානමක පවතින බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් පවසනවා.

ඔවුන් අද පෙරවරුවේ සිය ගැටළුවලට විසඳුම් ඉල්ලා එම වෙළෙඳ සංකීර්ණය පරිශ්‍රයේ විරෝධතාවක ද නිරත වූ අතර වෙළෙඳුන් එහිදී චෝදනා කළේ, අයිස් ටෙන්ඩරය ලබාගත් සමාගම මේ වනවිට තම අවශ්‍යතාව මත මිල ඉහළ දමා ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes