රෝගියෙකුගේ උදරයෙන් කිලෝග්‍රෑම් 3 යි ග්‍රෑම් 100 ක් බරැති දැවැන්ත වකුගඩු ගලක් ඉවත් කර ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරුන් විසින් නව වෛද්‍ය වාර්තාවක් නිර්මාණය කර තිබෙනවා.
වකුගඩු ශල්‍ය වෛද්‍ය ප්‍රහලතන් බාලක්‍රිෂ්ණන්ගේ නායකත්වය යටතේ ඉකුත් (14) වැනිදා ත්‍රිකුණාමල රෝහලේදී ඉතාමත් සාර්ථකව මෙම සැත්කම සිදුකර තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ත්‍රිකුණාමලයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකුගේ වකුගඩුවෙන් මෙම විශාල ගල ඉවත් කර තිබෙනවා.
එහිදී මෙම රෝගියාවේ වකුගඩු මල්ලෙන් කිලෝග්‍රෑම් 3.1 ක් බරැති සහ මීටර් 21 ක් දිග වකුගඩු ගලක් සාර්ථකව ඉවත් කිරීමට මෙම වෛද්‍ය කණ්ඩායම සමත්ව තිබුණා.
මෙම සැත්කම වෛද්‍ය ප්‍රහලතන් බාලක්‍රිෂ්ණන්, වෛද්‍ය එම්. රිෂ්ලි මහීල්, වෛද්‍ය ජේ.එම්. ඉහ්සාන්, වෛද්‍ය සී. ප්‍රහලතන්, නිර්වින්දන වෛද්‍ය අමිලා ජයකඩ ඇතුළු වෛද්‍ය කණ්ඩායමක සාමාජිකයින් විසින් සිදුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මුත්‍රා කිරීමේ අපහසුතාවයක් හේතුවෙන් ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කරන ලද මෙම රෝගියා වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කිරීමේදී වෛද්‍යවරුන් විසින් ඔහුගේ මුත්‍රාශයේ ගල් ඇති බව හඳුනාගෙන තිබෙනවා.
පසුව සිදුකළ මෙම ශල්‍යකර්මයෙන් අනතුරුව එලෙස විශාල වකුගඩුවේ ගලක් සාර්ථකව ඉවත් කිරීමටයි වෛද්‍ය කණ්ඩායම සමත්වී ඇත්තේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, මීට පෙර 2003 දී බ්‍රසීලයේදී ඉවත් කර ඇත්තේ ග්‍රෑම් 1.9 ක් බරැති වකුගඩු ගලක් බවත්, ඒ මෙරට ත්‍රිකුණාමලය මහ රෝහලේ සිදුකළ අදාල සැත්කම ලෝකයේ විශාලතම වකුගඩු ගල ලෙස වාර්තාවක් තබනු ඇති බවට විශ්වාසය පළ කරන බවයි අදාල වෛද්‍ය කණ්ඩායම සඳහන් කර ඇත්තේ
Latest News
මාලිමා රජය යටතේ ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි: විපක්ෂ නායක සජිත්
Local
27 August 2026
AI සහායෙන් මොළයේ සැත්කමකට ලක් වූ ලොව පළමු රෝගියා සාර්ථකව සුවය ලබයි
Local
27 August 2026
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද
Local
27 August 2026
සමාජ මාධ්‍ය හරහා සිසුන්ගේ සහ කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප මිල දී ගැනීම සහ අලෙවි කිරීමේ ජාවාරමක්
Local
27 August 2026
නිකිණි පුර පසළොස්වක පොහෝ දින හිරු සීල පාරමිතා වැඩසටහන ඓතිහාසික සෝමාවති රාජමහා විහාරස්ථානයේදී
Local
27 August 2026
කොලොම්බියාවට 5.1ක භූ කම්පනයක්
Local
27 August 2026
නේපාල හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 157 දක්වා ඉහළට
Local
27 August 2026
උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය අදයි
Local
27 August 2026
මහවැලි ජලාශ කිහිපයක ජල මට්ටම 30%ටත් වඩා පහළට
Local
26 August 2026
කැනඩා රැකියා වීසා පෙන්වා මහා පරිමාණ ජාවාරමක් හිරු CIA අනාවරණය කරයි
Local
26 August 2026