General16 August 2026

ත්‍රිකුණාමල මහ රෝහලේ වෛද්‍යවරු රෝගියකුගේ කිලෝ 3ක වකුගඩුවේ ගලක් ඉවත් කරමින් කළ විස්මිත සැත්කම

රෝගියෙකුගේ උදරයෙන් කිලෝග්‍රෑම් 3 යි ග්‍රෑම් 100 ක් බරැති දැවැන්ත වකුගඩු ගලක් ඉවත් කර ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරුන් විසින් නව වෛද්‍ය වාර්තාවක් නිර්මාණය කර තිබෙනවා.

වකුගඩු ශල්‍ය වෛද්‍ය ප්‍රහලතන් බාලක්‍රිෂ්ණන්ගේ නායකත්වය යටතේ ඉකුත් (14) වැනිදා ත්‍රිකුණාමල රෝහලේදී ඉතාමත් සාර්ථකව මෙම සැත්කම සිදුකර තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ත්‍රිකුණාමලයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු‍ගේ වකුගඩුවෙන් මෙම විශාල ගල ඉවත් කර තිබෙනවා.

එහිදී මෙම රෝගියාවේ වකුගඩු මල්ලෙන් කිලෝග්‍රෑම් 3.1 ක් බරැති සහ මීටර් 21 ක් දිග වකුගඩු ගලක් සාර්ථකව ඉවත් කිරීමට මෙම වෛද්‍ය කණ්ඩායම සමත්ව තිබුණා.

මෙම සැත්කම වෛද්‍ය ප්‍රහලතන් බාලක්‍රිෂ්ණන්, වෛද්‍ය එම්. රිෂ්ලි මහීල්, වෛද්‍ය ජේ.එම්. ඉහ්සාන්, වෛද්‍ය සී. ප්‍රහලතන්, නිර්වින්දන වෛද්‍ය අමිලා ජයකඩ ඇතුළු වෛද්‍ය කණ්ඩායමක සාමාජිකයින් විසින් සිදුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මුත්‍රා කිරීමේ අපහසුතාවයක් හේතුවෙන් ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කරන ලද මෙම රෝගියා වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කිරීමේදී වෛද්‍යවරුන් විසින් ඔහුගේ මුත්‍රාශයේ ගල් ඇති බව හඳුනාගෙන තිබෙනවා.

පසුව සිදුකළ මෙම ශල්‍යකර්මයෙන් අනතුරුව එලෙස විශාල වකුගඩුවේ ගලක් සාර්ථකව ඉවත් කිරීමටයි වෛද්‍ය කණ්ඩායම සමත්වී ඇත්තේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, මීට පෙර 2003 දී බ්‍රසීලයේදී ඉවත් කර ඇත්තේ ග්‍රෑම් 1.9 ක් බරැති වකුගඩු ගලක් බවත්, ඒ මෙරට ත්‍රිකුණාමලය මහ රෝහලේ සිදුකළ අදාල සැත්කම ලෝකයේ විශාලතම වකුගඩු ගල ලෙස වාර්තාවක් තබනු ඇති බවට විශ්වාසය පළ කරන බවයි අදාල වෛද්‍ය කණ්ඩායම සඳහන් කර ඇත්තේ
Related recommendation
Hiru TV News | Programmes