නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදුවී ඇති මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ විගණන කණ්ඩායමක් පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි පැවසුවා.
නෝර්වුඩ් සහ තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදුව ඇති අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචාවත් සමඟ, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට ආපදා මුදල් ලබා දීම, කොරෝනා ව්‍යසන සමයේ අඩු ආදායම්ලාභීන්ට සමෘද්ධිය හරහා ලබා දුන් රු. 5,000 ක දීමනාව සහ සමෘද්ධි ලාභීන්ට රජය මගින් ලබා දෙන සහනාධාර සහ වැඩිහිටි දීමනා නිසි ලෙස ප්‍රතිලාභීන්ට ගෙවා ඇතිද යන්න පිළිබඳව මෙම විගණනය සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව, 2023 වසරේ සිට 2026 වසර දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10 ක මෙම විගණන කටයුතු සිදු කිරීමට නියමිත බව සඳහන්.
විගණනය ආරම්භ කිරීමට ප්‍රථම ඒ පිළිබඳව යම් තොරතුරු වෙතොත්, එම තොරතුරු තමන් වෙත ලබා දෙන ලෙස ප්රතිලාභීන්ගෙන් මංජුල සුරවීරආරච්චි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
Latest News
ජනපතිගේ ප්‍රධානාත්වයෙන් ලබන 05 වැනිදා සිට විශේෂ ජනරැලි මාලාවක්
Local
23 August 2026
කෝටි හතක් වටිනා ත්‍රෛලෝක විජයපත්‍ර සමග අයෙක් අත්අඩංගුවට
Local
23 August 2026
අමෙරිකාවට එරෙහිව කැනඩාවෙන් ප්‍රතිප්‍රහාරයක් - ඩොලරයට ඩොලරයක් බදු ගහයි
Local
23 August 2026
දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට - ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි
Local
23 August 2026
22 වැනි සංශෝධනය ජනමත විචාරණයකට ලක් කළ යුතුයි - ඉලංකෙයි තමිල් අරසු කච්චි
Local
23 August 2026
මහන්සියි කියූ පුතුව කන්ද උඩ තනි කර වැඩිමහල් පුතා එක්ක කඳු නැගි පියා
Local
23 August 2026
අද රටේ ඇත්තේ ජනතා අයිතිවාසිකම් උල්ලංඝනය වන යුගයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
23 August 2026
ට්‍රම්ප් පාලනයේ රටවල් 75ක සංක්‍රමණික වීසා තහනම ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් අවලංගු කරයි
Local
23 August 2026
TikTok සහ ByteDance ආයතන ළමා පෞද්ගලිකත්ව නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 400ක් ගෙවීමට එකඟ වෙයි
Local
23 August 2026
සාදය කදුළු ගංගාවකින් නිම වෙයි : අසල්වැසියාගේ ප්‍රහාරයෙන් අයෙකුට දිවි අහිමි වේ
Local
23 August 2026