General17 August 2026

මුලතිව් නයාරු මුහුදු තීරයේ දියනෑමට ගිය කැනඩාවේ ජීවත් වන ලාංකිකයෙක් දියේ ගිලී මරුට

නයාරු මුහුදු තීරයේ දියනෑමට ගිය කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෙක් ඊයේ (17) දියේ ගිලී මියගොස් ඇතැයි මුලතිව් පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අච්චුවේලි ප්‍රදේශයේ පදිංචිව සිටි (මේ වන විට කැනඩාවේ පදිංචි සිට නිවාඩුවක් ගත කිරීමට මෙරටට පැමිණ සිටි) 51 හැවිරිදි පුද්ගලයෙක්.

මරණකරු මෙරටට පැමිණ පවුලේ ඥාතීන් හා මිතුරන් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් ගොස් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Related recommendation
Hiru TV News | Programmes