දිවයිනේ විවිධ ප්‍රදේශවල ගත වූ ඊයේ (16) දිනයේදී සිදුවූ රිය අනතුරු තුනකින් යතුරුපැදි පැදිකරුවන් සිව් දෙනකු සහ කුඩා දරුවෙකු, ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
කල්පිටිය පොලිස් වසමේ කන්දකුලිය, කල්පිටිය අතුරු කුඩාව ප්‍රදේශයේදී කල්පිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ එහි ගමන් ගත් කුඩා දරුවෙක් කල්පිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 06ක් සහ 40ක් වන කන්දකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
වෙන්නප්පුව පොලිස් වසමේ කොළඹ - පුත්තලම මාර්ගයේ ලුණුවිල හන්දිය අසලදී ඊයේ (16දා) රාත්‍රියේ සිදුවූ තවත් අනතුරකින් පාපැදිකරුවෙක් මියගොස් තිබෙනවා. මාර්ගය හරහා ගමන් කළ පාපැදිකරුවෙකු පුත්තලම දෙසට ධාවනය වූ වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු මාරවිල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති අතර, මරණකරු අවුරුදු 55ත් 60ත් අතර වයසේ පසුවන අයෙකු වුවද ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවයි වාර්තා වන්නේ.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.
මේ අතර, මාදම්පේ නගරයේදී ඊයේ (16දා) රාත්‍රියේ සිදුවූ තවත් රිය අනතුරකින් පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර සිදුකර ඇත්ත් වෑන් රථ රියැදුරෙක් බවට හෙළිව ඇතැයි පොලිසිය සඳහන් කරනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු මාදම්පේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, මරණකරු අවුරුදු 62ක් වූ මඩොල්කැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුරින් පසු පලා ගිය වෑන් රථයේ රියැදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, මාදම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා.
Latest News
බෝරා ප්‍රජාවේ මුදලින් නවීකරණය වූ බම්බලපිටිය දුම්රිය ස්ථානය අගමැති හරිනි අතින් විවෘත කෙරේ
Local
10 September 2026
හෙම්මාතගම දරුවන් වැරදි පාරේ ගෙනගිය "පෙති අක්කා" කොටුවෙයි
Local
10 September 2026
විදේශ රැකියාවක් අතරතුර මියයන ශ්‍රමිකයින්ගේ වන්දිය ලක්ෂ 20 දක්වා ඉහළට
Local
10 September 2026
''ආපු නැව් 19න් මෙට්‍රික් ටොන් 120,000ක් අතුරුදන්'' - නාමල් රාජපක්ෂ
Local
10 September 2026
ශ්‍රී ලංකාවේ බිම්ස්ටෙක් තාක්ෂණ හුවමාරු පහසුකම ස්ථාපනය කිරීමේ ගිවිසුම අත්සන් තැබීම හෙට
Local
10 September 2026
"සංස්කෘතිය බියට හේතුවක් නොවිය යුතුයි" - ජනපතිගෙන් උලමා සංවිධානයට සහතිකයක්
Local
10 September 2026
සිනමා විචාරකයෙකුට පහරදෙනු ලැබූ බව කියන සිද්ධියෙන් ජනප්‍රිය නළු හේමාල් රණසිංහ මුදාහැරෙයි
Local
10 September 2026
රොකට් සහ ගොඩබිම් ප්‍රහාරයකින් පසු දකුණු රතු මුහුදේ සුකාර් දූපත, හූති කැරළිකරුවන් අත්පත් කර ගනී
Local
10 September 2026
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට ඇප: අධිකරණයෙන් දැඩි අවවාද
Local
10 September 2026
මීගමුව බන්ධනාගාර ගැටුම : පොදු දේපලවලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් 25ක් නම් කරයි
Local
10 September 2026