General17 August 2026

කුරුණෑගල - දඹුල්ල අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් මේ වසරේ ඇරඹෙයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා දිවෙන මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මෙම වසර තුළදී ආරම්භ කිරීමට හැකි බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල සඳහන් කළා.

'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ ජාතික යොවුන් සේනාංක කණ්ඩායම් සමඟ දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ අබලන්ව ඇති උපකරණ අලුත්වැඩියා කිරීමේ නව වැඩපිළිවෙළකට අද (17) එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම්, ලැබිය යුතු වන්දි ප්‍රමාණය මෙන්ම විහාර දේවාලගම් පනත යටතේ පැවැත්වෙන ඉඩම්වල පදිංචිකරුවන් අතර බරපතල ප්‍රශ්න රැසක් තිබුණු බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මේ වන විට ඒවා ක්‍රම ක්‍රමයෙන් විසඳෙමින් පවතින බව ප්‍රකාශ කළා.

මේ වන විටත් වන්දි ගෙවීමේ කටයුතු සඳහා අවස්ථා ගණනාවක සාකච්ඡා පවත්වා අවසන් සාකච්ඡාව හෙට (18) දින කුරුණෑගල ප්‍රදේශයේදී පැවැත්වෙන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
කුරුණෑගල - දඹුල්ල අධිවේගී මාර්ගයේ කොටස පිළිබඳව පාර්ලිමේන්තුවේදීද අවධානය යොමු වූ බව හෙතෙම සඳහන් කළා.

විශේෂයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කොන්ත්‍රාත්කරුවන් කිහිපදෙනෙකු හරහා මෙම කටයුතු කඩිනමින් අවසන් කිරීම බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරයා පැවසුවා.

මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් දඹුල්ල, ගලේවෙල ආදී ප්‍රදේශවලට පමණක් නොව සංචාරකයන් සඳහාද සුවිශාල වූ දායකත්වයක් ලබා ගැනීමට හැකි වන බව හෙතෙම පෙන්වා දුන්නා.
Related recommendation
Hiru TV News | Programmes