මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා දිවෙන මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මෙම වසර තුළදී ආරම්භ කිරීමට හැකි බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල සඳහන් කළා.
'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ ජාතික යොවුන් සේනාංක කණ්ඩායම් සමඟ දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ අබලන්ව ඇති උපකරණ අලුත්වැඩියා කිරීමේ නව වැඩපිළිවෙළකට අද (17) එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම්, ලැබිය යුතු වන්දි ප්‍රමාණය මෙන්ම විහාර දේවාලගම් පනත යටතේ පැවැත්වෙන ඉඩම්වල පදිංචිකරුවන් අතර බරපතල ප්‍රශ්න රැසක් තිබුණු බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මේ වන විට ඒවා ක්‍රම ක්‍රමයෙන් විසඳෙමින් පවතින බව ප්‍රකාශ කළා.
මේ වන විටත් වන්දි ගෙවීමේ කටයුතු සඳහා අවස්ථා ගණනාවක සාකච්ඡා පවත්වා අවසන් සාකච්ඡාව හෙට (18) දින කුරුණෑගල ප්‍රදේශයේදී පැවැත්වෙන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
කුරුණෑගල - දඹුල්ල අධිවේගී මාර්ගයේ කොටස පිළිබඳව පාර්ලිමේන්තුවේදීද අවධානය යොමු වූ බව හෙතෙම සඳහන් කළා.
විශේෂයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කොන්ත්‍රාත්කරුවන් කිහිපදෙනෙකු හරහා මෙම කටයුතු කඩිනමින් අවසන් කිරීම බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරයා පැවසුවා.
මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් දඹුල්ල, ගලේවෙල ආදී ප්‍රදේශවලට පමණක් නොව සංචාරකයන් සඳහාද සුවිශාල වූ දායකත්වයක් ලබා ගැනීමට හැකි වන බව හෙතෙම පෙන්වා දුන්නා.
Latest News
එල් නිනෝ තත්ත්වය හමුවේ විදුලි කප්පාදුවක් ඇතිවීමේ අවදානමක් - මහජන උපයෝගීතා කොමිසමෙන් අනතුරු ඇඟවීමක්
Local
25 August 2026
සුගීෂ්වර බණ්ඩාරට ඇප නෑ - යළිත් රිමාන්ඩ්
Local
25 August 2026
කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ගැන ලෝක බැංකු නියෝජිතයින් සමග සාකච්ඡාවක්
Local
25 August 2026
රටකජු මිල පහත වැටීමෙන් ගොවීන් අසීරුතාවක
Local
25 August 2026
කොළඹ වරාය නගරය සඳහා ඩොලර් බිලියන 4.1ක ආයෝජන ඉලක්කයක්: නි. ඇමති චතුරංග
Local
25 August 2026
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි
Local
25 August 2026
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සැප්තැම්බර් 9 වැනිදා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක
Local
25 August 2026
මාතර පොල්හේනේදී දිය වැලකට හසුව ගසාගෙන ගිය 11 හැවිරිදි දරුවෙක් පොලිස් ජීවිතාරක්ෂකයන්ගෙන් බේරා ගනියි
Local
25 August 2026
බුලත් කෙළ ගැසූවන්ටයි, මුත්‍රා කළ අයටයි පිටකොටුවේදී වෙච්ච දේ
Local
25 August 2026
“ප්‍රජාශක්ති” වැඩසටහනේ 2026 ප්‍රගතිය සහ 2027 වසරේ සැලසුම් පිළිබඳ සාකච්ඡාවක්
Local
25 August 2026