General17 August 2026

හෙටත් දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණයක්

වවුනියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම්, මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කල යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ, උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින්.

මේ සම්බන්ධයෙන් නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් සැලකිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes