General17 August 2026

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපති බුද්ධික හේවාවසම් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව, පෞද්ගලික සහ වෘත්තීයමය හේතූන් මත තමා මෙම තීරණය ගත් බව සඳහන් කරමින් ඔහු, සංචාරක, විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් වෙත අද (17) සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර තිබෙනවා.

එහිදී, තමා කෙරෙහි විශ්වාසය තබමින් මෙම තනතුර සඳහා ඇරයුම් කළ ජනාධිපතිවරයාටත්, සහය දැක්වූ අමාත්‍යවරයා ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්වකරුවන්ටත් ස්තූතිය පළ කරන ඔහු, ඉදිරියේදී පත්වන නව නායකත්වයට අවශ්‍ය සහයෝගය ලබාදීමට සූදානම් බව ද වැඩිදුරටත් එම ලිපියෙන් සඳහන් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes