General18 August 2026

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි සංශෝධනය අද මැතිසබයට

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ගෙන එනු ලබන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව, එය මේ වනවිටත් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත් පසුගිය 7 වැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත්කෙරුණා.

මේ අතර, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගය පවසනවා.

එහි පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ විපක්ෂ නායක කාර්යාලයේදී රැස්වූ අතර එහිදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම, අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරිමට අපේක්ෂා කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

ඒ කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

Related recommendation
Hiru TV News | Programmes