General18 August 2026

"ඔයාලා විශ්‍රාම යන්නෙත් අපේ ආණ්ඩුවක් යටතේ" ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අලුත් පත්වීම් ලැබූ වේලාසටහන්කරුවන්ට කියයි

ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) සඳහා අලුතින් බඳවා ගන්නා ලද වේලාසටහන්කරුවන් 18 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන විසින් පැවසුවේ මෙම වේලාසටහන්කරුවන් විශ්‍රාම යන්නෙත් මාලිමා රජය යටතේම බවයි.

ශ්‍රී ලංකා ප්‍රවාහන ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවන් දෙදෙනෙකු මෙම වේලාසටහන්කරු තනතුර සඳහා තේරී පත්වීම මෙහි ඇති විශේෂත්වය වන අතර මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අද මේ රජය යටතේ පත්වීම් ලබන ඔබ, විශ්‍රාම යන්නෙත් මේ රජය යටතේම බවයි.

එසේම පත්වීම් ලබන මෙම නිලධාරීන්ගේ කාර්යභාරය ඉදිරි වසර 05 ඇතුළත සිදු වන ඩිජිටල්කරණය සහ වෘත්තීය පරිවර්තනයන් සමග දැවැන්ත වෙනසකට ලක් වන බවත් දෙදහසකට අධික අයදුම්පත් අතරින් කුසලතා පරීක්ෂණ සහ සම්මුඛ පරීක්ෂණ මඟින් පාරදෘශ්‍ය ලෙස මෙම 18 දෙනා තෝරාගෙන ඇති අතර, වාර්ෂිකව හිමිවන වැටුප් වර්ධක සමගින් ජීවත් විය හැකි මට්ටමක වැටුපකට හිමිකම් කියන රජයේ සේවකයන් ලෙස ඉදිරියට යාමට ඔවුන්ට අවස්ථාව හිමිවන බවද අමාත්‍යවරයා පැවසුවා.
Related recommendation
Hiru TV News | Programmes