අධිවේගී මාර්ගයේ සහ මහාමාර්ගවල ධාවනයේ යෙදෙන වාහනවල රියැදුරන් යම් වරදක් සිදුකරනවා නම් ඒ පිළිබඳ දැනුම් දීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී ඇතැයි ශ්‍රී ලංකා පොලිසියේ මාර්ග ආරක්ෂාව, රථවාහන හා පාලන කොට්ඨාසයේ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල පවසනවා.
එම පැමිණිලි සෘජුවම රථවාහන මූලස්ථානයට යොමුවී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් රථවාහන කොට්ඨාසයේ අධ්යක්ෂවරයා සඳහන් කළේ.
ඒ අනුව, 070-4755600 දුරකථන අංකයට WhatsApp මගින් සම්බන්ධ වීමෙන් මහජනතාවට මෙම පැමිණිලි සිදු කළ හැකි බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසුවේ.
රථවාහන වැරදි සඳහා ඉදිරියේදී නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද ඔහු අවධාරණය කළා.
අනතුරු වළක්වා ගැනීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙළ කාලීන අවශ්‍යතාවයක් බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, අධිවේගී මාර්ගවල පැයට කිලෝමීටර් සියයක වේගයෙන් ධාවනයේ යෙදෙන වාහනවල රියැදුරන් සහ මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආසන බඳ පටි (seat belts) පැළඳීම අත්‍යවශ්‍ය සාධකයක් බව ප්‍රකාශ කළා.
රියැදුරු සහ ඉදිරිපස අසුන පමණක් නොව, පසුපස අසුන්වල සිටින මගීන් ද බඳ පටි පැළඳීම තුළින් අනතුරකදී සිදුවන හානි අවම කරගැනීමට හැකියාව ලැබෙන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මේ බව පැවසුවේ, අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම රියැදුරන් සහ මගීන් ආරක්ෂිත ආසන බඳ පටි පැළදීමේ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (19) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්.
Latest News
කෝවිල ඉදිරිපිට සුදු ඉරේදී හැපුණු ජීවිතය- ත්‍රිරෝද රථයත් එක්ක රියදුරු අතුරුදන්
AI සංවර්ධනයේ වේගය අඩු කර දැඩි අධීක්ෂණයකට ලක් කළ යුතුයි – Anthropic ප්‍රධානියා
"තට්ටු තුනේ ගෙවල් හැදුව ඩොටේ හිටපු ලාල්කාන්ත කළු රාජ්‍යයට අයිති නැද්ද?" – පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි
ගම්පහ අස්ගිරියේදී අණ නොතැකූ වෑන් රථයකට පොලිසියෙන් වෙඩි
චීන ජනපති හා ඉන්දීය අගමැති අතර සාකච්ඡා
"දැන් ජනපති අනුරට 75%ක ජන ප්‍රසාදයක් තියෙනවා" - ඇමති වසන්ත
"හොඳම පාසල, හොඳම රෝහල, හොඳම බස් එක දෙන්න තාම ආණ්ඩුවට බැරිවුණා" - නි. ඇමති ටී.බී. සරත්
කාන්තා විස්සයි විස්ස තරගාවලිය ලබන 17 වැනිදා ඇරඹේ
"කිසිම දරුවෙක් මෙවැනි ප්‍රචණ්ඩත්වයකට ගොදුරු නොවිය යුතුයි": දෙහිවල ඛේදවාචකය ගැන එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතගෙන් සටහනක්
"මොනවා කළත් 2029 නාමල් ජනාධිපති": පොහොට්ටු වේදිකාවේදී අර්ච්චුනා කියයි