General19 August 2026

ප්‍රදේශ කිහිපයකට හෙට වැස්ස

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (20) දිනයේත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මෙලෙස වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම, ඌව පළාතේ සහ අම්පාර මෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කවලද හෙට පස්වරු 2:00න් පසුව ගිගුරුම් සහිත ඇතිවිය හැකියි.

මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය හා මාතලේ දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 40 දක්වා තද සුළං ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසනවා.
Related recommendation
Hiru TV News | Programmes