General19 August 2026

සැප්තැම්බර් සිට රථවාහන දඩ මුදල් ගෙවීම ඩිජිටල් ක්‍රමයට පමණයි

ලබන සැප්තැම්බර් මාසයේ සිට දිවයින පුරා පනවන සියලුම රථවාහන දඩ ගෙවීම් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ඊට අදාළ සියලුම තාක්ෂණික හා යටිතල පහසුකම් මේ වන විටත් සූදානම් කර ඇති බව සඳහන්.

එමෙන්ම, රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික ඩිජිටල්කරණ වැඩසටහන යටතේ මෙරට ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත (Digital ID) මේ වසර අවසාන වීමට පෙර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කරනවා.
Related recommendation
Hiru TV News | Programmes