ගල්කිස්ස ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකු සහ සැකකාරියක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 15 වැනිදා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව ඊයේ 18 වැනිදා සවස වත්තල ප්‍රදේශයේ ලැගුම්හලක සිටි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
අනතුරුව එදිනම රාත්‍රී කාලයේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී මෙම අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව මත තවත් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගත්තා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී රිවෝල්වර වර්ගයේ ගිනි අවියක්, ජීව පතුරොම් 12ක් සහ හිස් පතුරොම් කොපු 6ක් භාරයට ගත් බවද පොලිසිය පැවසුවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28, 32 සහ 35 යන වයස්වල පසුවන කොළඹ 12, කොළඹ 14 සහ දළුපොත ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සැකකාරිය කුරුණ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තැනැත්තියක්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.

Latest News
හුරුළුවැවේ ජල ධාරිතාව පහළට
Local
25 August 2026
නව රාජ්‍යතාන්ත්‍රිකයින් 11 දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි
Local
25 August 2026
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රුවන්වැලි මහා සෑරදුන් වැඳපුදා ගනී
Local
25 August 2026
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
Local
25 August 2026
අතුරුදන් වූවන්ගේ පවුල්වලට සහන දීමට අධිකරණ ඇමති ගෙදරටම
Local
25 August 2026
ලැගුම්හලක අබිරහස් අයුරින් මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි
Local
25 August 2026
ඉදිරි පැය 36දී ප්‍රදේශ කිහිපයකට තද වැසි
Local
25 August 2026
කල්පිටිය ජනසවිපුර වෙරළින් මුහුදු ගිය 56 හැවිරිදි පුද්ගලයෙක් ගිලී මරුට
Local
25 August 2026
දිස්ත්‍රික් මට්ටමින් පුනරුත්ථාපන මධ්‍යස්ථාන
Local
25 August 2026
ඉන්දියාවට එරෙහි 2 වැනි ටෙස්ට් තරගය: තෙවැනි දිනට තරගය නිමවෙද්දී ශ්‍රී ලංකාව කඩුලු 8ට 265යි
Local
25 August 2026