General20 August 2026

දෙල්ගොඩ අනතුරකින් තිදෙනෙකුට දිවි අහිමි වෙයි

මීගහවත්ත, නව මහනුවර මාර්ගයේ දෙල්ගොඩ ප්‍රදේශයේදී බියගම දෙස සිට දෙල්ගොඩ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයේ දකුණු පසට හැරවීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරක් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඊයේ සිදුවූ මෙම අනතුරින් මියගොස් තිබුණේ ත්‍රී රෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ 69 හැවිරිදි පුද්ගලයෙකු සහ 39 හැවිරිදි කාන්තාවක් මෙන්ම හත් හැවිරිදි දැරියක්.

සිද්ධියෙන් තුවාල ලැබූ මෝටර් රථයේ ගමන් කළ දැරියක් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes