ආනයනික ආලේපන සහ පාවහන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් දිවයින පුරා විශේෂ වැටලීම් හා විමර්ශන වැඩසටහනක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව පසුගිය 18 සහ 19 යන දිනවල වැටලීම් 108ක් සිදු කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ.
එහිදී භාණ්ඩ ලබාගත් ආකාරය තහවුරු කරන නිසි ලදුපත්, බිල්පත් හෝ ඉන්වොයිසි ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ ව්‍යාපාරික ස්ථාන 84කට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇති බව එම අධිකාරිය නිවේදනය කළේ.
මෙම වැටලීම්වලදී ආනයනය කරන ලද සම පැහැපත් කිරීමේ ආලේපන, මුහුණු හා ශරීර ආලේපන, සුවඳ විලවුන්, කේශාලේපන, ක්‍රීඩා පාවහන් සහ අනෙකුත් ආනයනික පාවහන් ඇතුළු විවිධ භාණ්ඩ පරීක්ෂාවට ලක් කර තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
මේ අතර මෙම වැටලීම්වලට අමතරව මෙම වසරේ දී ක්‍රීම් හා දියර වර්ග සම්බන්ධව වැටලීම් 785ක් පමණ සිදුකර අදාළ ව්‍යාපාරිකයන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.
මෙහිදී රුපියල් මිලියන 1.5කට ආසනන්න වෙළෙඳපොළ වටිනාකමකින්යුත් භාණ්ඩ නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන් කරනවා.
පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කර ඇති විධාන අංක 83 අනුව, භාණ්ඩ විකිණීම, සන්තකයේ හෝ පාලනය යටතේ තබාගෙන සිටින අදාළ නිෂ්පාදකයන්, සැපයුම්කරුවන්, බෙදාහරින්නන්, ගබඩාකරුවන් සහ වෙළඳුන් විසින් එම භාණ්ඩ ලබාගත් ආකාරය තහවුරු කළ හැකි ලිඛිත හෝ මුද්‍රිත බිල්පතක් හෝ ඉන්වොයිසියක් සන්තකයේ තබාගත යුතු බවයි ඔවුන් පවසන්නේ
එම ලේඛනය තුළ සැපයුම්කරුගේ නම හා ලිපිනය, මිලදී ගත් දිනය, මිලදී ගත් මිල, භාණ්ඩ වර්ගය, ප්‍රමාණය සහ අදාළ අවස්ථාවල කාණ්ඩ අංකය වැනි තොරතුරු ඇතුළත් වීම මගින් භාණ්ඩයක සැපයුම් දාමය හඳුනාගැනීමට හැකියාව ලැබෙනවා.
මෙම නීතිමය අවශ්‍යතාවයේ වැදගත්කම “බිල්පතක් තබාගැනීම” පමණක්ම නොවන අතර වෙළඳපොළට පැමිණෙන භාණ්ඩවල සැපයුම්කරු ආනයනකරු හා වගකිවයුතු පාර්ශ්වයන් කවුද යන්න හඳුනාගත හැකි වීම වෙළඳපොළ නියාමනයට සහ පාරිභෝගික ආරක්ෂාවට ඉතා අත්‍යවශ්‍ය වේ.

Latest News
නික්ම ගිය මාලිනියගේ 83 වන ජන්ම දිනය අද - අදත් ජාතික ශෝක දිනයක්
Local
23 August 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේ වැසි
Local
23 August 2026
ලොව වේගවත්ම මිනිසා පරාජය කළ රොබෝ විප්ලවය : මීටර් 100 තත්පර 9.39න් දුවයි
Local
23 August 2026
ජපානයේ ටෝකියෝ ඇතුළු කලාප කිහිපයකට රික්ටර් මාපක 5.9ක ප්‍රබල භූමිකම්පාවක්
Local
22 August 2026
නාවිකයින් 24 දෙනෙකු සමග පැනමා නෞකාවක් බෙංගාල බොක්කේදී අනතුරක: ඉන්දීය නාවික හමුදාවෙන් දැවැන්ත සෙවුම් මෙහෙයුමක්
Local
22 August 2026
ධාරිතාව 45,000යි - රැඳවියන් 98,000 පනී: බංග්ලාදේශ බන්ධනාගාර අර්බුදය දැඩි වෙයි
Local
22 August 2026
ගුවන් නියමුවරියක් ලෙස පෙනී සිටි කෝටි ගණනක මුදල් වංචාකාරිය රිමාන්ඩ්
Local
22 August 2026
ඉන්දියාවේදී කාලිංග කුමාරගේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දෙයි
Local
22 August 2026
යාපනයේ ගිනිකෙළි සංවිධානය කළ සමාගමේ හිමිකරු රිමාන්ඩ්
Local
22 August 2026
ඉන්දියාවේදී සුමේද රණසිංහගෙන් හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
Local
22 August 2026