General20 August 2026

වෙරළාශ්‍රිත මුහුදු ප්‍රදේශ රළු වෙයි: ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ අවවාදාත්මක නිවේදනයක්

හලාවත සිට ගාල්ල මාතර හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළෙන් ඔබ්බට වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5) (3.0) ක් පමණ ඉහළ යෑමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එමෙන්ම, එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes