General21 August 2026

අල්ලස් ගත් IP සහ PC රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය ලග තබා ගත් සැකකරුවෙකුගෙන් රුපියල් 20,000 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ දී අත්අඩංගුවට ගත් සයින්දමරුදු පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයා, කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පසුගිය දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් මොවුන්ව අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරියනිලාවැලි පොලිසිය තුලදී සහ කල්මුණකොඩි සහරා විද්‍යාලය ඉදිරිපිටදීයි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු සතුව තිබූ සම්පූර්ණ අයිස් ප්‍රමාණය පිලිබදව අධිකරණයට කරුණු වාර්තා නොකර සුළු දඩුවමකට යටත් කිරීම වෙනුවෙන් හා ඉදිරියේ දී කරදරයකින් තොරව කටයුතු කරගෙන යාමට මොවුන් මෙම අල්ලස් මුදල ලබා ගෙන තිබුණා.

Related recommendation
Hiru TV News | Programmes