General21 August 2026

අඟුලාන අනතුරේ නාවික‍යින් 11 බේරාගත් පොලිස් නිලධාරීන්ට නාවික හමුදාවෙන් ඇගයීම්

අඟුලාන මුහුදු ප්‍රදේශයේ ආපදාවට ලක්වූ නාවික හමුදා යාත්‍රාවේ සිටි නාවිකයින් 11 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට කටයුතු කළ පොලිස් නිලධාරීන් 10 දෙනෙකු ඇගයීමට ලක් කිරීමේ විශේෂ උත්සවයක් අද (21) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වුණා.

එහිදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන්  ප්‍රනාන්දු විසින් අදාළ පොලිස් නිලධාරීන් වෙත ප්‍රශංසනාත්මක ලිපි ප්‍රදානය කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අඟුලාන මුහුදු තීරයේ ශ්‍රී ලංකා හමුදාවට අයත් පී 4447 වේග ප්‍රහාරක මුර යාත්‍රාව ආපදාවට ලක් වූ අවස්ථාවේදී , රළු මුහුදු තත්ත්වය පවා නොතකා වහා ක්‍රියාත්මක වූ අඟුලාන පොලීසියට අනුයුක්ත මෙම නිලධාරීන් කණ්ඩායම නාවිකයින්ගේ ජීවිත නිරුපද්‍රිතව බේරාගැනීමට සමත් වුණා.

මෙසේ ඇඟයීමට ලක් වූ පිරිස අතර අඟුලාන පොලිස් බල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති සමන්ත විජේසේකර සහ අඟුලාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත බණ්ඩාර යන අයත් ඇතුළත්.

තම රාජකාරී සීමාවන්ගෙන් ඔබ්බට ගොස් සිදුකළ මෙම ජීවිතාරක්ෂක මෙහෙයුම වෙනුවෙන් පොලීසිය දැක්වූ සහයෝගය නාවික හමුදාව අතර පවතින ශක්තිමත් අන්තර් සහයෝගීතාවයේ සුවිශේෂ නිදසුනක් බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes