General21 August 2026

එල්නිනෝ බලපෑම වැඩි වෙයි : රටවල් රැසක ආහාර අනාරක්ෂිතභාවයක්

වර්ධනය වෙමින් පවතින එල්නිනෝ තත්ත්වය හමුවේ අවදානමට ලක් විය හැකි රටවල මිලියන සංඛ්‍යාත ජනතාවකට දැඩි ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණ දීමට සිදු විය හැකි බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

එමෙන්ම, දේශගුණ විද්‍යාඥ ආචාර්ය නික් ඩන්ස්ටන් සඳහන් කර ඇත්තේ, 2027 වසර මෙතෙක් වාර්තා වූ උණුසුම්ම වසර වීමට ඉතා වැඩි සම්භාවිතාවක් පවතින බවයි.

පවතින එල්නිනෝ තත්ත්වයත් සමඟ මේ වන විටත් ලොව පුරා කාලගුණ රටාවන්ට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes