General21 August 2026

දිවංගත නන්දා මාලිනියට ජනපතිගෙන් අවසන් ගෞරව

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්ය නන්දා මාලිනියගේ නිසල දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (21) එක්වුණා.

ඒ ඇයගේ දේහය තැන්පත් කර ඇති නාවල පිහිටි නිවස වෙත පැමිණීමෙන්.

සිංහල ගීත කලාවේ ඉන්ද්‍රඛීලයක් වූ ආචාර්ය නන්දා මාලිනිය ඊයේ පස්වරුවේ නාවල පිහිටි සිය නිවසේදී සිය දිවි සැරිය නිමා කර තිබුණා.

මිය යන විට ඇය 82 වැනි වියේ පසුවු අතර ඇයගේ 83 වැනි උපන්දිනය යෙදී ඇත්තේ ලබන ඉරිදාටයි.

මෙරට සුභාවිත ගීතය සිය මෝහනීය හඬ පෞරුෂයෙන් සුගායනීය කළ ජාතියේ යශෝරාවය , ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිණී ආචාර්ය නන්දා මාලිනීගේ දේහය මේවන විට නාවල පිහිටි ඇයගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

නන්දා මාලිනියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් මේවන විට පැමිනෙමින් සිටින අතර, දේහය පිලිබඳ අවසන් කටයුතු හෙට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

මේ අතර, ආචාර්ය නන්දා මාලිනීයගේ අභාවය හේතුවෙන් අද හෙට සහ අනිද්දා තෙදින ජාතික ශෝක දින ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes