General22 August 2026

වෙඩි තබා කළ ඝාතනයක ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වූ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරු මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 150 ක්ද පොලිස් භාරයට ගෙන තිබුණා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වෙමින් තිබියදී ලද තොරතුරකට අනුව ඊයේ (21) රාත්‍රී මිනුවන්ගොඩ, ගල්ඔළුව ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකළා.

පසුගිය 2025 අගෝස්තු (13) වැනිදා මිනුවන්ගොඩ ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුකර තිබූ තර එහිදී මරණයට පත්ව තිබුණේ 36 හැවිරිදි ත්‍රීරෝද රථ රියැදුරෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.
Related recommendation
Hiru TV News | Programmes