රාගම - වල්පොල මාර්ගයේ වල්පොල දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ (22) උදෑසන සිදුවූ රිය අනතුරකින් කුඩා දැරියක් මියගොස්, තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි රාගම පොලිසිය පවසනවා.
වල්පොල දෙසට ධාවනය වූ ලොරි රථයක රියැදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන්, එය ඉදිරියෙන් පැමිණි කාර් රථයක හා තවත් ලොරි රථයක ගැටී තිබෙනවා.
එහිදි එම ලොරි රථය මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ සහ ඇගේ දරු දෙදෙනාගේ ඇගේ ගැටී තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ ළමුන් දෙදෙනා සහ එම කාන්තාව රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ගැහැණු දරුවා මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 08 ක් වූ රාගම ප්‍රදේශයේ පදිංචි දැරියක්.
අනතුරට සම්බන්ධ ලොරි රථ රියැදුරන් පොලිසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, රාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
Latest News
Asia Rugby Men’s Sevens Series: ශ්‍රී ලංකාව පරදා දකුණු කොරියාවට ජය
Local
29 August 2026
අමෙරිකානු විශ්වවිද්‍යාලවල ප්රමුඛ පර්යේෂකයන් රැසක් කැනඩාවට
Local
29 August 2026
නේපාලයේ ගංවතුරින් මියගිය සංඛ්‍යාව 626 දක්වා ඉහළට
Local
29 August 2026
රොටි, පරාටා ඇතුළු පිටි ආශ්රිත ආහාර මිල රුපියල් 5කින් ඉහළට
Local
29 August 2026
Asia Rugby Women’s Sevens Series: ශ්‍රී ලංකාව පරදා තායිලන්තයට ජය
Local
29 August 2026
වියළි කාලගුණයෙන් පොල් පලදාවට බලපෑම්
Local
29 August 2026
තිරිඟු පිටි කිලෝවක් රුපියල් 17කින් ඉහළට
Local
29 August 2026
දිස්ත්‍රික්ක 10ක් අදත් උණුසුම්
Local
29 August 2026
ගෝනපොලදී පැණි බීම කන්ටේනර් රථයක් මාර්ගයේ පෙරළෙයි
Local
29 August 2026
Asia Rugby Men’s Sevens Series: කසකස්තානය පරදා ශ්‍රී ලංකාවට ජය
Local
29 August 2026