අද (23) උදෑසන 6 න් අවසන් වූ ගත වූ පැය 24 තුළදී පවුල් 23,048 ක පුද්ගලයින් 72,153 කට පානීය ජලය බෙදා දීම සිදු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය සඳහන් කළා.
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අනුරාධපුර - නාච්චාදූව වැව ද සිඳී ගොස් ඇති බවටයි වාර්තා වුණේ.
මේ අතර, පවතින වියළි කාලගුණයත් සමග අනුරාධපුර පඬිකෙටුව ප්‍රදේශයේ මිරිස් වගාවන් රැසක් ජලය නොමැතිව විනාශ වී තිබෙනවා.
එමෙන්ම තිරප්පනේ, මාවතවැව ප්‍රදේශයේ ඇති කොමඩු සහ වට්ටක්කා වගාවන් රැසක් ද වියළී යාමේ තර්ජනයට ලක්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව - හිඟුරක්ගොඩ - රත්මලේ ප්‍රදේශයේ ජනතාව තම අස්වනු විනාශ වීම හේතුවෙන් දැඩි පීඩාවට ලක්ව සිටිනවා.
ගම්මානයේ පිහිටි ගෝනමලයාව වැවද මේ වනවිට සිඳී යමින් පවතින අතර, ඒ හේතුවෙන් වන සතුන්ද පීඩාවට පත්ව ඇති බවයි ගම්වාසීන් පෙන්වා දෙන්නේ.
මේ අතර, පවතින වියළි කාලගුණය හේතුවෙන් මාතලේ විල්ගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ලෙහෙඩීයන්ගල දියවර ගම්මානයේ ජනතාව මේ දිනවල උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ පා සිටිනවා.
පවුල් 500ක් පමණ දිවි ගෙවන මෙම ගම්මානයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ගම්මානයට ජල පිරිපහදු ව්‍යාපෘතියක් හෝ කඩිනමින් ලබා දෙන ලෙසයි.
එමෙන්ම, පවතින වියළි කාළගුණ තත්වය හමුවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පවතින ජල ගැටලුවට ඉදිරියේ දී විසදුම් ලබා දිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.
එහි සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර සඳහන් කළේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මේ වන විට ජල සැපයුම සීමා කරමින් දිනකට පැය 04 ක පමණ ජල කප්පාදුවක් ක්‍රියාත්මක බවයි.
මීට අමතරව, මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල සහ මැදගම ප්‍රදේශවලට බවුසර් මගින් ජලය බෙදාහරින බවද ඔහු කියා සිටියා.
අද දිනයේදීත් දිවයිනේ පළාත් සහ ස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව, නැගෙනහිර සහ උතුරුමැද පළාත, යාපනය, කිලිනොච්චිය, වව්නියාව, මුලතිව් සහ මොණරාගල දිස්ත්‍රික්කවල මෙලෙස උෂ්ණත්වය ඉහළ යනු ඇති.

Latest News
2026 වසරේ දෙවන කාර්තුව තුළ චීන ආර්ථිකයේ වර්ධනය 4.3% ක් දක්වා මන්දගාමී වෙයි
Local
25 August 2026
රජයේ විහිළුකාර ප්‍රතිපත්ති නිසා ලක්ෂ 220ම අනාථයි - විපක්ෂ නායක සජිත්
Local
25 August 2026
කැලණි ගඟේ ජල ගුණාත්මකභාවය හේතුවෙන් අත්හිටවූ ජල සැපයුම යථා තත්ත්වයට
Local
25 August 2026
විදේශ විනිමය ආකර්ෂණය කරගැනීමට ඉන්දියාව ගත් පියවර සාර්ථකයි: ඩොලර් බිලියන 72කට වැඩි මුදලක් රට තුළට
Local
25 August 2026
‘බස් ලලිත්’ ගෙන ආ පුවතට හංවැල්ල ඇතුළු ප්‍රදේශ රැසක ජනතාවගෙන් සැමරුම්
Local
25 August 2026
ඉරානයට එරෙහිව ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය ප්‍රහාරය ඇරඹූ බව අමෙරිකාව කියයි
Local
25 August 2026
මාකුඹුරේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් 9ක් මත්ද්‍රව්‍ය පානය කර සිටියදී හසුවෙයි
Local
25 August 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ නීති උල්ලංඝනය කළ නෞකා 45කට ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්
Local
25 August 2026
කැනඩාවෙන් ගෙන්වන මෝටර් රථ, ලොරි සහ වානේ සඳහා අමෙරිකාවෙන් 50%ක නව බද්දක්
Local
25 August 2026
වැඩිදුර පරීක්ෂණ සඳහා බස් ලලිත් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාර දෙයි
Local
25 August 2026