General23 August 2026

හොර දොස්තරලා දෙන්නෙකුට දඩ සහ අත්හිටවූ සිරදඬුවම්

වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් දීර්ඝ කාලයක් තිස්සේ රෝගීනට ප්‍රතිකාර කරමින් වංචාවක් කළැයි කියන සිද්ධියට අදළව වරද පිළිගත් දෙදෙනෙකුට මාස 06ක සිරදඬුවමක් නියම කළා කළුතර අතිරේක මහේස්ත්‍රාත් නුතිනන් රාජපක්ෂ එය වර 05කට අත්හිටවූවා.

එක් චුදිතයකුට රුපියල් පනස් දහස බැගින් දඩයක් ද අධිකරණයෙන් නියම කෙරුණා.

මෙසේ දඩ හා අත්හිටවූ සිර දඬුවම් නියම වූයේ බේරුවල ප්‍රදේශයේ පදිංචි අයකුට සහ කල්මුනේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුටයි.

අළුත්ගම, ධර්ගා නගරය ප්‍රදේශයේ රෝගී ප්‍රතිකාර මධ්‍යස්‍ථාන පවත්වාගෙන ගිය මොවුන් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මගින් කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී වෛද්‍ය වෘර්තියේ යෙදෙමින් සිටි බව අණාවරණයවී තිබුණා.

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්ෂෙත්‍ර සේවා ) ප්‍රජා වෛද්‍ය විශේෂඥ චරිත් හෙට්ටිආරච්චි සහ අළුත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සම්පත් නිරෝෂණ යන නිලධාරීන් ද, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පොලිස් නිලධාරීන්ද මෙම මෙහෙයුමට එක්ව සිටියා.
Related recommendation
Hiru TV News | Programmes