General23 August 2026

බෝවතැන්න ජලාශයේ ජලය අද හිස් කෙරේ

බෝවතැන්න ජලාශයේ ජලය හිස් කිරීම අද (24) ආරම්භ කරන බව ජලාශ භාර ඉංජිනේරු බුද්ධික නවරත්න පවසනවා.

බෝවතැන්න ජලාශය අරඹා වසර 50ක් ගත වීමෙන් පසුව ජලාශයේ එක්රොක් වී ඇති රොන් මඩ සහ වැලි පිළිබද අධ්‍යනයක් සිදුකර ඒවා ඉවත් කර
පිරිසිදු කිරිම මෙහිදී සිදු කෙරෙනවා.

එමෙන්ම ජලාශයෙන් ජලය නිකුත් වන කලාවැව ජල සැපයුමේ රෝන් මඩ ඉවත් කිරිමද සිදු කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් මේ හේතුවෙන් පහළ ජලධාර ප්‍රදේශවලට ජලය සැපයීමේ බාධාවක් නොවන බවයි ජලාශ භාර ඉංජිනේරුවරයා කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes