General23 August 2026

මහනුවර පළමු රන්දෝලි පෙරහර විථි සංචාරය කෙරේ

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයයේ ප්‍රථම රන්දෝලි පෙරහර අද (23) පස්වරු 6.44ට යෙදුණු සුබ මොහොතින් විථි සංචාරය කිරීම ආරම්භ වුණා.

අද පෙරහර කරඬුව වැඩමවීමේ භාග්‍යය හිමිව තිබෙන්නේ කතරගම වාසනා හස්තිරාජයාටයි.

ඒ අනුව සතර මහා දේවාල පෙරහර සහ අලි ඇතුන් මෙන්ම නැටුම් සහ හේවිසි කණ්ඩායම් සහිතව විචිත්‍රවත් ලෙස මේ වනවිට පැවැත්වෙනවා.

කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයයේ මෙවර අවසන් මහා රන්දෝලි පෙරහර වීථී සංචාරය කෙරෙන්නේ ලබන 27 වැනි බ්‍රහස්පතින්දාට එළැඹෙන නිකිනි පුරපසළොස්වක පොහෝ දින රාත්‍රියේදීයි.
Related recommendation
Hiru TV News | Programmes