නෝර්වුඩ් පොලිස් වසමට අයත් වතුයායක යූකැලිප්ටිස් ගසකට නැග එහි අතු කැපීමට උත්සාහ කිරීමේදී ගසෙන් බිමට වැටී බරපතල තුවාල ලැබූ පුද්ගලයෙක් බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව නෝර්වුඩ් පොලිසිය පවසනවා.
මෙසේ ගසෙන් පහළට වැටී මියගොස් ඇත්තේ හඟුරන්කෙත, හේවාහැට ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි සරත් වීරසේකර නමැත්තායි.
මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ එම තැනැත්තා ඊයේ (23) සවස රෝහල් ගත කළ බව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඒ.එස්.කේ. ජයසූරිය පැවසුවා.
නෝර්වුඩ් පොලිස් වසමට අයත් කර්කස්වෝල් හෙල්බඩ වතුයායේ පහළ කොටසේ යූකැලිප්ටිස් ගස් කැපීම සඳහා කොන්ත්‍රාත්තුව ලබාගෙන තිබූ කොන්ත්‍රාත්කරු යටතේ මරණකරු සේවය කර තිබූ බව වාර්තා වෙනවා.
එහිදී ඔහු යූකැලිප්ටිස් ගසක අඩි 35 ක් පමණ උසට නැග චේන්සෝ යන්ත්‍රයකින් ගසේ අතු කපමින් සිටියදී මෙලෙස පහළට ඇදවැටී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
Latest News
නේපාලයේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි දුරකථන අංකයක්
Local
26 August 2026
නේපාලයේ හදිසි ගංවතුරින් අතුරුදන් වූ සංචාරකයින් ගණන 579 දක්වා ඉහළට
Local
26 August 2026
යාලේ කලාප දෙකක් තාවකාලිකව වැසේ
Local
26 August 2026
නේපාල හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට
Local
26 August 2026
චීනයේ සිදු වූ ආපදා හානි වළක්වා ගැනීමට චීන ජනපතිගෙන් උපදෙස්
Local
26 August 2026
ග්‍රෙගරි වැවේ ජලය පානය කළහොත් ජීවිතයට අවදානමක් – මාලිමා ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්
Local
26 August 2026
ළමුන්ට සහ යෞවනයින්ට වන හානි වැළැක්වීමට Meta සමාගමෙන් බිලියන ගණනක එකඟතාවක්
Local
26 August 2026
රුමේෂ් තරංග ලෝක හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල යළි පළමු තැනට
Local
26 August 2026
රටේ ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟාවෙමින් පවතිනවා - මහ බැංකු අධිපති
Local
26 August 2026
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 29ක් දිගු කාලීන බදු පදනම මත ආයෝජකයින්ට ලබා දීමට ටෙන්ඩර් කැඳවයි
Local
26 August 2026