General24 August 2026

නව අමෙරිකානු තානාපති එරික් මයර් කොළඹට පැමිණෙයි

ශ්‍රී ලංකාවේ 29 වැනි අමෙරිකානු තානාපතිවරයා ලෙස ධුරයේ වැඩ බාරගැනීම සඳහා නම් කළ එරික් මයර් පසුගිය (22) වැනිදා කොළඹට පැමිණ තිබෙනවා.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති ඔහු ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියෙක්.

පසුගියදා වොෂිංටන් ඩී.සී. හිදී නිල වශයෙන් දිවුරුම් දුන් ඔහු, ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර ද්වීපාර්ශ්වික සබඳතා සහ ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරනු ඇති බවයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes