පෞද්ගලික අංශයේ සේවකයන්ට සැප්තැම්බර් මාසයේ සිට අන්තර්ජාලය (online) හරහා දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
දශක ගණනාවක් පුරා වෙනස් නොවී පැවති ක්‍රමවේදය වෙනස් කරමින් රාජ්‍ය සේවකයන් සඳහා මෑතකදී අන්තර්ජාල ක්‍රමයක් හඳුන්වා දීමෙන් අනතුරුව, මෙම පහසුකම පෞද්ගලික අංශයේ සියලුම සේවකයන් වෙතද පුළුල් කිරීමට නියමිතයි.
මීට පෙර මගීන්ට පෝලිම්වල රැඳී සිටිමින් සහ තම සේවා ස්ථානවලින් ලිපි ලබා ගනිමින් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට සිදුවූ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
දුම්රිය සේවයේ පවතින දුම්රිය හිඟය, වේලාවට ගමන් නොකිරීම සහ පහසුකම් අඩු වීම වැනි ගැටලු විසඳීමට කාලයක් ගත වන බවත්, නව එන්ජින් මිලදී ගැනීම, පවතින එන්ජින් අලුත්වැඩියා කිරීම සහ දුම්රිය මාර්ග උත්ශ්‍රේණි කිරීම වැනි දිගුකාලීන ක්‍රියාවලීන් අතීතයේ නිසි පරිදි සිදු කර නොමැති බවත් ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත්, දුම්රිය ස්ථානවල පහසුකම් වැඩිදියුණු කිරීම වැනි ඉක්මනින් ක්‍රියාත්මක කළ හැකි සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදු කරන බවත්, ඉදිරියේදී නවීකරණය කරන ලද දුම්රිය ස්ථාන කිහිපයක් ජනතාවට විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Latest News
බත්තලන්ගුණ්ඩුවේදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කුළුබඩු තොගයක් නාවික හමුදා භාරයට
Local
24 August 2026
"ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ.." : ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අලුත්කඩේ විරෝධතාවය හෙළාදකියි
Local
24 August 2026
දියවන්නා ඔයට වැටුනු කාන්තාවක් නාවික හමුදාවෙන් බේරා ගනී
Local
24 August 2026
ඉන්දියාවෙන් පළමු ඉනිමට ලකුණු 503ක දැවැන්ත ඉලක්කයක්
Local
24 August 2026
පිටකොටුව බස් නැවතුම්පොළේ ‘ගුවන් හමුදා CCTV නිරීක්ෂණ නව මෙහෙයුම් මැදිරියක්’
Local
24 August 2026
බෑගය හොරකම් කරලා පැනලා යන්න හදද්දී CCTV එකට මාට්ටු: පිටකොටුවේදී සැකකරුවෙකු කොටු වෙයි
Local
24 August 2026
කෝච්චි සීසන් පෞද්ගලික අංශයටත් ඔන්ලයින් ගන්න පුළුවන්
Local
24 August 2026
නව අමෙරිකානු තානාපති එරික් මයර් කොළඹට පැමිණෙයි
Local
24 August 2026
නව පුනර්ජනනීය බලශක්ති ගාස්තු සංශෝධන සාරාංශය එළිදක්වයි
Local
24 August 2026
''යුද සමයේ මැතිවරණ පැවැත්වීම රට බෙදී යාමට හේතුවක් විය හැකියි'' - යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි
Local
24 August 2026