මහජනතාවගේ ආරක්ෂාව සහ සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින්, පිටකොටුව බස් නැවතුම්පොළේ ‘ගුවන් හමුදා CCTV නිරීක්ෂණ නව මෙහෙයුම් මැදිරියක්’ ස්ථාපිත කර ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.
'Clean Sri Lanka' ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද පිටකොටුව බස් නැවතුම්පොළේ ස්ථාපිත කර ඇති මෙම නව මෙහෙයුම් මැදිරියේ CCTV නිරීක්ෂණ පද්ධතිය පැය 24 පුරාම ක්‍රියාත්මක වෙමින් පවතින බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කරන්නේ.
මෙම නව ක්‍රමවේදය හරහා පිටකොටුව බස් නැවතුම්පොළේදී මගියෙකුගේ බෑගයක් සොරකම් කළ සැකකරුවෙක් ක්ෂණිකව අත්අඩංගුවට ගැනීමට ගුවන් හමුදා සාමාජිකයන්ට ඊයේ (23) හැකි වූ බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ.
මෙම පුද්ගලයා සිදුකරන ලද සොරකම මෙම මෙහෙයුම් මැදිරියේ CCTV කැමරා පද්ධතිය ඔස්සේ නිරීක්ෂණය වෙමින් තිබියදී රාජකාරියේ නිරත ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් වහාම ක්‍රියාත්මක වී සැකකරු හඳුනාගෙන ශ්‍රී ලංකා පොලීසිය වෙත භාර දී ඇති බව ගුවන් හමුදාව සඳහන් කරනවා.
මෙම නව මෙහෙයුම් මැදිරිය මගින් මගීන්ගේ බඩුබාහිරාදිය සොරකම් කිරීම් හඳුනාගැනීමට අමතරව, මගියෙකු හදිසි අසනීප තත්ත්වයකට පත්වීම, අනතුරකට ලක්වීම හෝ වෙනත් හදිසි අවස්ථාවක් ඇතිවීම වැනි අවස්ථාවන්හිදීද කඩිනම් ප්‍රතිචාර ලබාදීම සිදුකෙරෙන බවයි ගුවන් හමුදාව පවසන්නේ.
මහජනතාවට වඩාත් සුරක්ෂිත පොදු ප්‍රවාහන පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් හඳුන්වා දී ඇති මෙම නව නිරීක්ෂණ ක්‍රමවේදය, පොදු ස්ථානවල ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමටගත් වැදගත් පියවරක් ලෙස ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇති බවයි වාර්තා වන්නේ.
Latest News
නේපාල ගංවතුරෙන් මියගිය බවට සැකකෙරෙන පුද්ගලයින් 7 දෙනෙකුගේ සිරුරු ඉන්දියාවේ ගංගාවල
Local
29 August 2026
ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
Local
29 August 2026
26-19ක් ලෙස ශ්‍රී ලංකාව පරදවා චීන රග්බි පිලට ජය
Local
29 August 2026
ඩෙංගු ව්‍යාප්තියේ කැපී පෙනෙන අඩුවක්
Local
29 August 2026
මුහුදු ප්‍රදේශ කිහිපයක් රළු වන බවට කාලගුණයෙන් දැනුම්දීමක්
Local
29 August 2026
නේපාල ගං වතුරට හසුවූ විදේශිකයින් 184 දෙනෙකු මුදා ගැනේ
Local
29 August 2026
රුමේෂ්ගේ ප්‍රතිවාදියා වන නීරාජ් චොප්රාට ආබාධයක්
Local
29 August 2026
සේවකයන් රැසක් රාජකාරියෙන් ඉවත් වෙලා : සෙවනගල සීනි කම්හල දිනයක් නියමයක් නොමැතිව වැසේ
Local
29 August 2026
ජීවිකාව ගෙවන්න නෙළුම් මල් කඩන්න ගිය දෙදරු පියාට බෙල්ලන්විලදී අවාසනාවන්ත ඉරණමක්
Local
29 August 2026
22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සමට නීතිඥ සංගමයෙන් නව මෝසමක්
Local
29 August 2026