General24 August 2026

දියවන්නා ඔයට වැටුනු කාන්තාවක් නාවික හමුදාවෙන් බේරා ගනී

බත්තරමුල්ල ජපන් මිත්‍රත්ව මාර්ගයේ සඳුන් උයන ප්‍රදේශයේදි අද (24) දහවල් දියවන්නා ඔයට ඇද වැටුනු කාන්තාවක්, නාවික හමුදා ජීවිතාරක්‍ෂක කණ්ඩායමක් විසින් බේරා ගෙන තිබෙනවා.

පසුව ඇය, කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මෙලෙස දියවන්නා ඔයට ඇද වැටී ඇත්තේ 59 හැවිරිදි නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක්.
Related recommendation
Hiru TV News | Programmes