General25 August 2026

සුගීෂ්වර බණ්ඩාරට ඇප නෑ - යළිත් රිමාන්ඩ්

ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන සැකකරු ලබන 09 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට අද (25) නියෝග කර තිබෙනවා.

සිද්ධියට අදාලව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් කරනු ලැබූ කරුණු දැක්විමෙන් අනතුරුව අධිකරණයෙන් මෙම නියෝගය නිකුත් වුණා.

මෙම සැකකරු, ඉකුත් 2022 වර්ෂයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් හා එම කාල වකවානුව තුළම එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කර ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණා.

ඒ අනුව මෙම සැකකරු ඉකුත් ජුනි මස 18 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන තෙක් රක්ෂිත භාරයේ පසුවෙනවා.

මෙම සිද්ධියට අදාලව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes