ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන සැකකරු ලබන 09 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට අද (25) නියෝග කර තිබෙනවා.
සිද්ධියට අදාලව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් කරනු ලැබූ කරුණු දැක්විමෙන් අනතුරුව අධිකරණයෙන් මෙම නියෝගය නිකුත් වුණා.
මෙම සැකකරු, ඉකුත් 2022 වර්ෂයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් හා එම කාල වකවානුව තුළම එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කර ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණා.
ඒ අනුව මෙම සැකකරු ඉකුත් ජුනි මස 18 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන තෙක් රක්ෂිත භාරයේ පසුවෙනවා.
මෙම සිද්ධියට අදාලව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණා.
Latest News
ඩුබායි-ඉන්දියා වෙළඳාම වාර්තාගත ලෙස ඉහළට
Local
27 August 2026
ජනපති අනුර ඓතිහාසික දළදා සමිඳුන් වැඳපුදා ගනී
Local
27 August 2026
ආසියා-පැසිෆික් පාරිසරික සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා - මොංගෝලියා පරිසර අමාත්‍යවරුන් අතර සාකච්ඡා
Local
27 August 2026
සෙංකඩගල අවසන් රන්දෝලි මහ පෙරහර මංගල්‍යය ආරම්භ වෙයි : කරඬුව වැඩමවීමේ භාග්‍යය කතරගම වාසනාට
Local
27 August 2026
කෝටි 7ක මත්ද්‍රව්‍ය සමග මාතර අඹුසැමි යුවළක් පොලිස් අත්අඩංගුවට
Local
27 August 2026
මුනියාණ්ඩි කෝවිල් පූජාව මැද බඹර ප්‍රහාරයක් - 10 ක් රෝහලට
Local
27 August 2026
ලෝක ටෙස්ට් ශූරතා සටහනේ 6 වන ස්ථානය ශ්‍රී ලංකාවට – දෙවන තරගයේ සමතාවයෙන් ඉන්දියාවේ ප්‍රසාද ප්‍රතිශතය පහතට
Local
27 August 2026
22 සංශෝධනයට එරෙහි වීම ගැන නීතිඥ සංගමයෙන් ප්‍රකාශයක්
Local
27 August 2026
Real Smart Global සමාගමට Asia Miracle සම්මානයක්
Local
27 August 2026
නේපාලයේ දැවැන්ත ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළට : දිස්ත්‍රික්ක 8කින් මළසිරුරු හමු වෙයි
Local
27 August 2026