General25 August 2026

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු පත් කෙරේ

මේ වන විට පුරප්පාඩුව පවතින මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුර සඳහා එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු පත් කර තිබෙනවා.

ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර, ඒ අනුව එම පත්කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි කොන්ත්‍රාත් පදනම මත සිදු කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes