General25 August 2026

'කෙහෙල්බද්දර පද්මේ' අධිකරණයට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් 'කෙහෙල්බද්දර පද්මේ' නමැත්තා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (25) රැගෙනු එනු ලැබුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරු මීට සුළු මොහොතකට පෙර අධිකරණයට රැගෙන ආවා.

කෙහෙල්බද්දර පද්දේ නමැත්තා ඇතුළු තිදෙනකු මැලේසියාවේ සිට මෙරටට රැගෙන එනු ලැබුවේ ඉකුත් 2025 වසරේ ජුලි මාසයේදීයි.

එතැන් සිට මේ දක්වා එම සැකකරුවන් අපරාධ පරික්ෂණ දොපර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලැබූ අතර, අද (25) ප්‍රථම වතාවට කෙහෙල්බද්දර පද්මේ යන අයවලුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබ තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes