General25 August 2026

බස් ලලිත් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ඩුබායි සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලලිත් කන්නන්ගර හෙවත් "බස් ලලිත්" නමැත්තා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ඔහු, අද (25) අලුයම දිවයිනට රැගෙන ආවා.

සැකකරු මෙරටට රැගෙන ඒමට මධ්‍යම අපරධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මසයේ සැකකරු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ලබා දී තිබූ දැනුම් දීමට අනුවයි.
Related recommendation
Hiru TV News | Programmes