ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර උත්කර්ෂයට නංවමින් තෙවැනි රන්දෝලි පෙරහර අද පස්වරුවේ වීථි සංචාරය කිරීමට නියමිතයි.
දළදා පෙරහරේ දෙවැනි රන්දෝලි පෙරහර විචිත්‍රවත් අයුරින් ඊයේ වීදි සංචාරය කළ අතර දෙවැනි රන්දෝලි පෙරහර කරඬුව වැඩමවීමේ භාග්‍යය හිමිවුණේ සිංහරාජා හස්තියාටයි
මෙවර දෙවැනි රන්දෝලි පෙරහරේ පෙරහර කරඬුව වැඩමවීමේ භාග්‍යය සිංහරාජා හස්තියා හිමි කරගත් අතර මියන් රාජා සහ පුලතිසි රාජා දෑළ ඇතුන් ලෙස ගමන් කළා.
දේශීය නර්තනාංග රැසකින් විචිත්‍රවත් වූ දෙවැනි රන්දෝලිය, ඓතිහාසික මහනුවර නගරයේ වීදි සංචාරය කළේ මග දෙපස රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනයාගේ හදවත් ගෞරව භක්තියෙන් පුරවාලමින්.
දළදා පෙරහරේ තෙවැනි රන්දෝලි පෙරහර අද පස්වරු 6.53ට යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය ඇරඹීමට නියමිතයි.
පෙරහර නැරඹීම සඳහා අද පෙරවරුවේ සිටම මහනුවර නගරයට විශාල පිරිසක් පැමිණ සිටියේ මහත් උනන්දුවකින්.
මේ අතර ඉන්දියාවේ නව දිල්ලි නුවර පදනම් කරගනිමින් මෙරට රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සිදුකරන විදේශීය තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ඇතුළු 19 දෙනෙකුගෙන් සමන්විත රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් මෙවර මහනුවර ඇසළ පෙරහර නැරඹීම සඳහා මෙරටට පැමිණීමට නියමිතයි.
හෙට දින දිවයිනට පැමිණීමට නියමිත මෙම දූත පිරිස 27 වැනිදා පැවැත්වෙන අවසන් මහා රන්දෝලි පෙරහර නැරඹීමට නියමිත බවයි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.

Latest News
සේවකයන් රැසක් රාජකාරියෙන් ඉවත් වෙලා : සෙවනගල සීනි කම්හල දිනයක් නියමයක් නොමැතිව වැසේ
Local
29 August 2026
ජීවිකාව ගෙවන්න නෙළුම් මල් කඩන්න ගිය දෙදරු පියාට බෙල්ලන්විලදී අවාසනාවන්ත ඉරණමක්
Local
29 August 2026
22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සමට නීතිඥ සංගමයෙන් නව මෝසමක්
Local
29 August 2026
Asia Rugby Women’s Sevens Series: ශ්‍රී ලංකාව පරදා හොංකොං කණ්ඩායමට ජය
Local
29 August 2026
නේපාලයට ආ ගංවතුර ජනප්‍රිය හොලිවුඩ් සිනමාපටයක් වන '2012' චිත්‍රපටයේ ජවනිකාවක් සිහිගන්වන බවට කතාබහක්
Local
29 August 2026
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
Local
29 August 2026
නේපාලය යළි ගොඩගන්න ඩොලර් බිලියන 5ක් පමණ අවශ්‍යයි: එරට මුදල් ඇමති
Local
29 August 2026
Asia Rugby Men’s Sevens Series: ශ්‍රී ලංකාව පරදා දකුණු කොරියාවට ජය
Local
29 August 2026
අමෙරිකානු විශ්වවිද්‍යාලවල ප්රමුඛ පර්යේෂකයන් රැසක් කැනඩාවට
Local
29 August 2026
නේපාලයේ ගංවතුරින් මියගිය සංඛ්‍යාව 626 දක්වා ඉහළට
Local
29 August 2026