ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබු ‘පානදුර නිලංග’ නමැත්තා ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (25) නියෝග කළා.
සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
සැකකරු දැඩි ආරක්ෂාව යටතේ අද (25) අධිකරණයට ගෙන එනු ලැබුවේ අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුව විසින්.
සිද්ධියට සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ මෙම සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අවි ආයුධ සන්තකයේ තබා ගැනීම යටතේ චෝදනා ඉදිරිපත් කර ඇති බවයි.
මෙම සැකකරු ඉකුත් 2025 අගෝස්තු මස 31 වනදා ඉන්දුනීසියාවේ සිට අත්අඩංගුවට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගෙන ඒමෙන් පසු අද (25) දක්වා රැදවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කළ බවත් රැදවුම් කාල සීමාව අවසන් බැවින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ අධිකරණය එදින තෙක් නඩුව කල් තැබුවා.
Latest News
22 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සම් දෙකක්
Local
28 August 2026
නායගිය ෂිගාට්සේ ආපදා බිමට හදිස්සියේ පැමිණි චීන අගමැති
Local
28 August 2026
ඉස්ලාමාබාද් රෝහල් ගින්නෙන් බිලිඳුන් මියයාම : මව්පියන් යුක්තිය ඉල්ලයි
Local
28 August 2026
අප රටට අවශ්‍ය ප්‍රායෝගික බෞද්ධයන් - විපක්ෂ නායක සජිත්
Local
28 August 2026
නේපාලයේ ගංවතුරින් විපතට පත්වූවන් උදෙසා ඉන්දියාවෙන් තවත් සහනාධාර ටොන් 37.5ක්
Local
28 August 2026
නවෝදයාගම නිවාස ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට
Local
28 August 2026
ඕස්ට්‍රේලියාවෙන් නේපාලයට ඩොලර් මිලියන 3.6ක ආධාර
Local
28 August 2026
දෙවන හොඳම දුර වාර්තා කිරීමට හැකි වීම ගැන සතුටට පත් වන බව රුමේෂ් තරංග කියයි
Local
28 August 2026
IMF නියෝජිතයින් පිරිසක් ලබන මාසයේදී මෙරටට
Local
28 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 469 දක්වා ඉහළට
Local
28 August 2026