රජය උද්දච්ච ලෙස කටයුතු කරමින්, මැතිවරණ සමයේ ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස සම්පූර්ණයෙන්ම පසෙකලා පැවැති ක්‍රමය පවා පරිහානියට ලක්කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ නැගෙනහිර අනුරාධපුර, පාවක්කුලම ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් අමතමින්.
වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා වී කිලෝවක් සඳහා රු.150ක ස්ථාවර මිලක් දෙන බවට වූ පොරොන්දුව කඩකර ඇති බවත්, වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රු. 137ක් වන පසුබිමක ලබා දෙන්නේ රු.120ක මිලක් බවද පැවසුවා.
ඒ අනුව වී කිලෝවකින් රු.17ක පාඩුවක් ගොවියා පිට පටවා ඇති බවත්, සාධාරණ මිලක් ඉල්ලන ගොවීන්ට අමාත්‍යවරයා තර්ජනය කරමින් සිටින බවත් ඔහු පවසනවා.
මෙට්‍රික් ටොන් ලක්ෂ 25ක දේශීය සහල් අවශ්‍යතාවක් පවතිද්දී මෙට්‍රික් ටොන් ලක්ෂ 32ක් නිෂ්පාදනය කර ඇති පසුබිමක පවා රජය සහල් ආනයනය කරමින් සිටින බව විපක්ෂ නායකවරයා කියා සිටියා.
මේ අතර පසුගිය වසර දෙක තුළ පමණක් සහල් මෙට්‍රික් ටොන් 380,000ක් ගෙන්වා ඇති බවයි ඔහු අනාවරණය කළේ.
නිසි නියාමනයක් ඔස්සේ රට සහල් ආනයනය කරන තත්ත්වයෙන් මුදාගෙන අපනයන මට්ටමට ගෙන ආ හැකි බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ.
කෘෂි රසායන ද්‍රව්‍ය සඳහා පාලන මිලක් නැතිවීම නිසා ග්ලයිෆොසේට් වැනි ද්‍රව්‍ය ගොවියා අතට පත්වන විට මිල දෙගුණ වන බවත්, බීජ හිඟය, ප්‍රමාණවත් නොවන පොහොර සහනාධාර සහ 2013 පැවැති පැරණි පොහොර නිර්දේශ වෙනස් නොකිරීම නිසා ගොවීන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවද ඔහු සඳහන් කළා.
මේ අතර රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සුරතලා වී අධික ලෙස බදු ගසමින් භාණ්ඩාගාරයේ මුදල් රැස් කළද, දුගී භාවය තුරන් කිරීමට හෝ ගොවීන්ට සහන සැලසීමට එම මුදල් යොදවන්නේ නැති බවට විපක්ෂ නායකවරයා චෝදනා කළා.
එමෙන්ම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ව්‍යාජ දත්ත පදනම් කරගනිමින් රජය ප්‍රතිපත්ති සකස් කරන බව ද විපක්ෂ නායකවරයා පැවසුවා.
මේ අතර විපක්ෂය පාර්ලිමේන්තුවේ කළ බලවත් ඉල්ලීම සහ අනුමැතිය මත කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වෙනුවෙන් රුපියල් මිලියන 7,500ක මුදලක් වෙන්කරවා ගැනීමට හැකි වූ බවද විපක්ෂ නායකවරයා කියා සිටියා.

Latest News
සිය දෙපාර්තමේන්තුව ගැන පැතිර යන ප්‍රචාර අසත්‍යයයි - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි
Local
30 August 2026
නේපාලයේ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 788 දක්වා ඉහළට
Local
30 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් වැල්ලේ සාරංගට කුළී ඝාතන චෝදනා රැසක්
Local
30 August 2026
වැලිමඩ හයර් පොරය උණුසුම් වෙයි – දෙපාර්ශ්වය අතර තවමත් ගැටුම්
Local
30 August 2026
මම නම වෙනස් කළේ නෑ - අර්ජුන මහේන්ද්‍රන් කියයි
Local
30 August 2026
මහනුවර ඇසළ පූජෝත්සවයේ හත්දා වලියකුම ඉපැරණි චාරිත්‍රය ඇරඹේ
Local
30 August 2026
නිවසකට ගල් ගසා CCTV කඩා දැමූ NPP මන්ත්‍රී ඇතුළු පිරිසක් අත්අඩංගුවට : පසුව පොලිස් ඇප
Local
30 August 2026
කැබ් රථ අනතුරකින් පාසල් සිසුවෙක් මරුට
Local
30 August 2026
සෙවනගල අර්බුදය හෙට කම්කරු දෙපාර්තමේන්තුව හමුවට
Local
30 August 2026
චීනයේ නව සයිබර් නීති ගැන තායිවානය බියෙන්
Local
30 August 2026