General25 August 2026

ලැගුම්හලක අබිරහස් අයුරින් මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි

අම්බලන්ගොඩ නගර මධ්‍යයේ ලැගුම්හලක අබිරහස් අයුරින් මියගොස් සිටි පිරිමි අයෙකුගේ මළ සිරුරක් අද(25)දහවල් සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය පවසනවා.

මෙසේ සොයා ගනු ලැබූවේ අම්බලන්ගොඩ මහ පන්සල පාරේ ලැගුම්හලක තනිව ලැගුම් ගෙන සිටි හැටහත් හැවිරිදි රොහාන් ආරියතිලක නමැත්තාගේ බවත් ඔහු බෙන්තොට සංචාරක හෝටලයක කෙටි කෑම හදන අයෙකු බවයි පොලිසිය පවසන්නේ.

මෙම පුද්ගලයාගේ සිරුර සොයා ගන්නා විට එය බෙහෙවින් නරක්වී ඉදිමී දුර්ගන්ධය වහනය වෙමින් තිබූ බව පවසන පොලීසිය මේ පුද්ගලයා මීට දින පහකට පමණ උඩදී මිය යන්න ඇතැයි සැකකරන බවයි පොලිසිය පවසා සිටින්නේ.

පුද්ගලයා ලැගුම් ගෙන සිටි කාමරය දෙසින් අධික දුර්ගන්ධයක් හැමීම සම්බන්ධයෙන් අසල්වාසියෙකු කළ සොයා බැලීමේදී ඔහුගේ මේ මළ සිරුර සොයා ගත් බවයි වාර්තා වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes