General26 August 2026

මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් විපක්ෂ,නායකගෙන් සුබපැතුම් පණිවිඩයක්

ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දින සැමරුම හෙවත් මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විශේෂ සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

මනුෂ්‍යත්වය ඉදිරියේ ජාති, ආගම් හා භේදවලට වඩා ගෞරවය, සාධාරණත්වය, කරුණාව සහ සහෝදරත්වය වැදගත් බවයි විපක්ෂනායකවරයා එම පණිවිඩය මඟින් දන්වා සිටින්නේ.

විපක්ෂනායකගේ සුබ පැතුම් පණිවිඩය පහතින්.

''මනුෂ්‍යත්වය ඉදිරියේ ජාති, ආගම් හා භේදවලට වඩා ගෞරවය, සාධාරණත්වය, කරුණාව සහ සහෝදරත්වය වැදගත් ය. විවිධත්වය අපගේ බෙදීමේ හේතුවක් නොව, ශ්‍රී ලංකාවේ ශක්තිය බවට පත් කරගත යුතු ය. වෙනස්කම් පිළිගනිමින්, අනෙකාගේ අයිතිවාසිකම් හා විශ්වාසයන්ට ගරු කරමින්, කිසිදු ජන කොටසක් අතහැර නොදමන සමාජයක් ගොඩනැගීම අපගේ පොදු වගකීමකි. මුහම්මද් නබිනායකතුමා විසින් පෙන්වා දුන් සාමයේ, සාධාරණත්වයේ සහ සහජීවනයේ මග ශ්‍රී ලංකාවට නව ආලෝකයක් වේවා.!
සමස්ත ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවට පින්බර මිලාදුන් නබි දිනයක් වේවා!''
Related recommendation
Hiru TV News | Programmes