පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබියදී, ඔහු රජයේ රෝහලකට ඇතුළත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ෂෙබාස් ෂරීෆ්ගේ රජයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ පෙත්සමක් ගොනු කිරීමට ඔහුගේ පක්ෂය පියවර ගෙන තිබෙනවා.
73 හැවිරිදි වියේ පසුවන ඉම්රාන් ඛාන් වෙනුවෙන් වෛද්‍යවරුන් නිර්දේශ කළ පරීක්ෂණයක් ලබාදීමට කටයුතු නොකිරීම පිළිබඳවද 'පාකිස්ථාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ්' (PTI) පක්ෂය රජයේ පකිස්ථාන වෛද්‍ය විද්‍යා ආයතනයට දැඩි ලෙස චෝදනා කර ඇති බවයි වාර්තා වෙන්නේ.
එම රෝහල් පරිශ්‍රයේ ක්‍රියාකාරී මට්ටමේ පවතින CT ස්කෑනර් යන්ත්‍රයක් තිබියදීත් මෙම පරීක්ෂණය සිදු නොකළ බව Dawn පුවත්පත වාර්තා කර තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයාට, නීති අමාත්‍යවරයාට, තොරතුරු අමාත්‍යවරයාට සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කර ඇතැයි ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ නීති උපදේශක නයීම් පන්ජුතා පවසා සිටියේ.
ඉම්රාන් ඛාන්ට හෘද රෝගී සංකූලතා ඇතිවීමේ අවදානමක් පවතින බවට හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවා තිබියදීත්, ඔහුට අවශ්‍ය CT Coronary Angiography (CTA) පරීක්ෂණය සිදුකිරීමට පකිස්ථාන වෛද්‍ය විද්‍යා ආයතනයේ බලධාරීන් අඛණ්ඩව අපොහොසත් වී ඇතැයි PTI පක්ෂයේ මධ්‍යම තොරතුරු ලේකම් ෂෙයික් වකාස් අක්රම් චෝදනා කර සිටියා.
එබැවින් ඛාන් වහාම 'ෂිෆා ඉන්ටර්නැෂනල්' පෞද්ගලික රෝහල වෙත යොමු කර අදාළ පරීක්ෂණය සිදුකරන ලෙසද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

Latest News
22ට එරෙහිව 23 වනදා කොළඹදී දැවැන්ත විරෝධයක්
Local
11 September 2026
අම්පිටියේ සුමනරතන හිමිට ඇප
Local
11 September 2026
ලබන 30 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ක්‍රීඩා ඇමතිට නොතීසි
Local
11 September 2026
පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 131ක ඉලක්කයක්
Local
11 September 2026
දින 45ක් තුළ දිවයිනේ අත්බෝම්බ ප්‍රහාර 4ක්
Local
11 September 2026
"සිදුවූයේ නොසැලකිලිමත් දෝෂයක්" : කල්ඉකුත් වූ බනිස් අලෙවි කිරීමේ සිද්ධියට P&S වෙතින් ප්‍රසිද්ධියේ කණගාටුව
Local
11 September 2026
Bab al-Mandab නාවික මාර්ගයේ දෙපසම බලය හූතිවරුන්ට - ගෝලීය වෙළඳාමට එල්ල වන්නේ දැඩි තර්ජනයක්
Local
11 September 2026
නත්තල් ගස්වලින් නයගරා ගඟට නව පණක්: කැනඩාවෙන් අපූරු පාරිසරික වැඩසටහනක්
Local
11 September 2026
"රැකියා සුරකින්න - AI නියාමනය කරන්න" : කෘතිම බුද්ධියට එරෙහිව රොබෝවරුන්ගෙන්ම විරෝධයක්
Local
11 September 2026
තිරිංග නැති ලොරිය රේල් පාරේ - දුම්රිය ගමනාගමනයට බාධාවක් නෑ
Local
11 September 2026