ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ඉකුත් රජය සමයේ මෙරටට ආනයනය කිරීමේ සිද්ධියකට අදාලව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුලු සැකකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුව දෙසැම්බර් 4 යළි කැදවිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (25) දින නියම කළා.
අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරින් වැඩිදුර වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
සිද්ධියට අදාල පළමු වන සැකකරු වන අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
සිද්ධියට අදාල දෙවන සැකකරු වන මහේෂ් ලසන්ත ගම්මන්පිල අධිකරණයේ පෙනි සිටියා.
ප්‍රමිතියෙන් තොර චීන කාබනික පොහොර නැවක් ආනයනයට නීත්‍යානුකූල අනුමැතිය ලැබීමට පෙර ණයවර ලිපි විවෘත කිරීමෙන් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කලේ යැයි කියන සිද්ධියට අදාලව මෙම සැකකරුවන්ට චෝදනා ගොනු කර තිබෙනවා.
අදාළව මූලික විමර්ශන කටයුතු අවසන් බවත් උදෘත ගොනු කිරීමට කටයුතු කරන බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ.
සිද්ධියට අදාළ නඩුව දෙසැම්බර් 4 යළි කැඳවිමට නියමිතයි.
මේ වන විට මහින්දානන්ද අලුත් ගමගේ වෙනත් නඩුවකට අදාලව සිර දඬුවම් ලබා සිටිනවා.

Latest News
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 734 දක්වා ඉහළට
Local
30 August 2026
කටාන ප්‍රදේශයේ ඝාතනයකට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට
Local
30 August 2026
බිරිඳට පොරවෙන් පහර දී මරා දැමූ සැමියා පොලිසියට භාරවෙයි
Local
30 August 2026
මුහුදු යන්නේ බලාගෙනයි - මුහුද රළුවීමේ අවදානමක් ගැන කාලගුණය කියයි
Local
30 August 2026
ගොතටුව රාජගිරිය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක්
Local
30 August 2026
ට්‍රැක්ටර් රථයකට යට වී 80 හැවිරිදි ගොවියෙක් මරුට
Local
30 August 2026
තඹලගමුවේදී සිදු වූ රිය අනතුරකින් 23 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට
Local
30 August 2026
වීඩියෝ කිරීමේ ආරවුලකින් ඇහැලියගොඩ සිසුවෙක් මරුට
Local
30 August 2026
හෝමුස් සමුද්‍රසන්ධිය විවෘත කිරීමට හදිසියක් නැති බව ඉරානය පවසයි
Local
30 August 2026
නේපාලයේ මුදාගැනීම් සඳහා ඉන්දීය විශේෂඥ කණ්ඩායමක්
Local
30 August 2026